ලෙහි තබා සැදු කුසුමන් ඈතට පාවෙන්නේ
විස නාග දළින් මල් පෙති සිදුරුව වියැලෙන්නේ
ලොව මල් පුබුදනු පිණිසයි ඔබ දන් දුන්නේ
වනේ දෙවියනි පිහිටව උන් රැක දෙන්නේ
ලතෙත් බවක් නැති දෝ හිමි අප හැර දැමුවේ
රුදු සුලගක පැටලී ඈතට පාවී යන්නේ
දෙවියනි මගෙ දෑස් කුසුම් කොතැනද වැටුනේ
අදුරු වුනා තුන් ලොව මා සිත ඇවිලෙන්නේ
දෙවියනි වන සතුනි අපේ පවත අසන්නේ
සෝක සුසුම් කදුලු ගගුල ඇගෙ පිසලන්නේ
විසල් රකුසු වනසා උන් දිවි රැක දෙන්නේ
මා ගෙනයන් මල් නොතලන් බමණු යකුන්නේ
නොබා යනුව පුතනුවනේ නැගණිය සමගින්
සසර දුකින් නුඹ තරවමි ඒ පින් බලයෙන්
අනන්ත ලෝ සතුන් රැකෙයි නුබ දිවි මත්තෙන්
බුදු බව පතනෙමි රකිනට නුඹ සසර බියෙන්
........
තිලංක
සිඩ්නි හිදී
18/07/2016