Thursday, January 3, 2019

මනෝ සංවාද

දීර්ඝ කාලයක් පුරාවට මම මා සමග ම මනෝ සංවාදයේ  යෙදෙමින් ගෙනගිය කතිකාවත කොතැනක හෝ සටහන් කළ යුතුයැයි අදහසක් පැවතියත් දිනපොත ලිවීම නතරවූ තැන් සිට සුදුසු තැනක් පිළිබද අදහසක් අැති  නොවීය. මෙම මනෝ සංවාද සටහන ඒවැනි මාගේ හුදු අදහස් පිටකර නිදහස් වීමට සුදුසු තැනක් ලෙස පවත්වාගන්නට අදහස් කලේ ඒබැවිනි. ගැටලු ලෙසින් ලියාතැබීම සුදුස්යැයි හැගී ගියේ මේ සදහා මා  වෙත පිළිතුරු නැති බැවිනි.

1. අනාගත ලෝකය විශ්වයේ කාල-අවකාශ සීමාව ජයගනු අැතැයි මා හට සැක සහිතය. මිනිසා පෘථීවියෙන් පිටත් ව වෙනත් ලෝකයක මානව ජනාවාස තනනු අැතැයි යන සුබවාදී සිහිනය හෝ බලාපොරොත්තුව මානව සංහතිය තුල අැති කිරිමේ අවශ්‍යතාවය කුමක් ද? ජීවත් වීමට අාහාර හෝ ජලය යදින මිලියන ගණනක් සිටින අතර ම ඔවුන් මරණය වෙත යෑමට ඉඩ දී අභ්‍යාවකාශ තරණයේ පර්යේෂණ සදහා ධනය වැය කරන්නේ අැයි? මූලික ලෙස ම ලෝකය තවත් හැකි තරම් කාලයක් පවත්වා ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතු ය. මානව සංහතිය මෙම පෘථිවිය තුළ දීර්ඝකාලීනව පවත්වාගැනීමට නම් ජනගහණයේ යම් සීමාවීමක් විය යුතු අතර ම ජීවත්වන්නවුන්ට යම් අරමුණක් ද අවශ්‍ය  වේ. නූතන විද්‍යාවේ යම් යම් අංශ සේවය කරනුයේ මෙම රීතියට ද?

I was highly fascinated by founding that Dan Brown's Inferno is questioning a matter much similar to my original question. If someone or a group of people believes in this anti-population concept to reduce the pressure made by humans on the earth, it can be a well established longterm mission which will be not apparently visible to the majority of the people. Though we are 'declining' the truth, the glorious future might stand on the bone and blood of billions of victims not just from human but animal and plant kingdoms too. Anyhow, mother nature should have something in her agenda for us while we are thinking in our own regulated evolution.

2. බටහිර දර්ශනයත් පෙරදිග දර්ශනයත් දළ වශයෙන් ඒකම කාලවකවානුවක මල් පළ දැරුවේත් ඒම දර්ශනයන්ගෙන් ඒකිනෙකට පරස්පර ලෙස ලාේක ස්වභාවය පැහැදිලි කරනුයේත් අැයි? පුරාවිද්‍යාව සදහා බෞද්ධ දාර්ශනික පැහැදිලි කිරීම කුමක් විය හැකි ද?

3. බලය අවභාවිත කිරීම - මෙය රට තුල නිරන්තර සාකච්ඡාවට ලක්වන්නක්  මෙන් ම දේශපාලකයන්  වෙත ජනතාව තම අැගිල්ල ඒල‍්ල කරන්නක් වේ. සැබැවින් ම ඒය දේශපාලකයන් පමණක් සිදුකරන්නක් ද. විදෙස්ගතව සිට නැවත රටට පැමිණි පසු මා හට වෙසෙසින් දැනීයමින් පවතින ඒක් කරුණකි මෙය. ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තමන්ගේ පාත්‍රවර්ගයාට බලය පෙන්වීම කෙතරම් පවතීද? මෙය සැබැවින් ම මහින්ද හිමියන් කියූ අාකාරයේ උස් තැන් දැක හැකිලීමක් සහ මිටි තැන් දැක පිප්පීමකි. තවමත් පෙනුමට පිළිගැනීමක් අැත. මුදල් අයකැමියා තමන්ගේ ගැණුමකරුවාට බලය පෙන්වයි. බස් රියැදුරු කුඩා රථයට බලය පෙන්වයි. කාර්යාල නිලධාරියා තම සේවාලාභියාට බලය පෙන්වයි. ඔවුන් ම තම අායතන ප්‍රධානියා බලය භාවිත කර තමන්ට බලපෑම් කරන බවට මැසිවිලි නගති. දශකයකට හෝ දෙකකට ඉහත සිට රටේ තත්ත්වය සම්බන්ධයෙන් පවතින මතකය සහ ගතවූ වසර කිහිපයකට පසුව නැවත රට සම්බන්ධයෙන් දැනෙන හැගීම අනුව නම් කිව හැක්කේ මුලු රට ම බලයන් වී අැති බවයි. අප බලවත් රටවලට බැලයන් වීම නොපෙනෙන තරමටම අප අපවම බලයෙන් ඒකිනෙකා පෙලාගනිමු. නමුත්දේශ පාලකයන් පමණක් ඒය අවභාවිත කරන බව කියමු. ඔවුන් ද මේ ගොන්නෙන් ම නැගී මතුවූවන් බව අමතක කරමු. ඒසේ මතුවීමට නොහැකිවූවන් පාතාලයන් වී කරන බල හැසිරවීම තවත් කතාවකි. මුලු ලෝකෙම තනි යායක් වන දවසක්.........නැත.. කිසිදා නැත.. දැනට ඩෙස්මන්ඩ් මොරිස් නිවැරදි බව සිතමින් හමාර කරමි. අපි කූඩු සත්තු.....

4. විඳිනා තරමට ජීවිතයේ දුක
    උහුලනු බැරි කරදර පීඩාවන්
    මිනිසුනේ
    නුඹ හදවත පතුලේ
    මුතු අැට මාලා දිලිසේවා


    නිසලව ලොව දෙස බලා සිටින්නෝ
    මිනිස් ලොවක බර උරින් දරන්නෝ
     මිනිසුනේ
     නුඹ දෙපයේ මිරිවැඩි පැළඳේවා


    කරමත සිවලුන් රජ නොකරන්නේ
    උන් සිහසුන් මත තබා නො ඉන්නේ
    මිනිසුනේ
    නුඹෙ සිත්විල නැණ මල් පිබිදේවා


    නුඹ ..... උගත යුතුය
    නුඹ ...... සැරසිය යුතුය

    රට නගන්නට අද සිට


    දුක් දැරූ මිනිසුනේ අසවු
     මේ අවසාන වස්සාන කාලයයි....

   පීදෙන්න..... සත්‍යයට
                      -තිලංක-


No comments:

Post a Comment