මෙය නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නුවරඑළිය නගර සීමාවේ පිහිටා ඇත. නුවරඑළිය නගර මධ්‍යයේ සිට හාවාඑළිය දක්වා ඇති මාර්ගයේ කි.මි. 1.3 ගමන් කළ විට ඇති ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ගාල සහ කාර්යාලය ආශි‍්‍රතව ඇති නුවරඑළිය පැරණි දුම්රිය ස්ථානය වෙත ලගා විය හැකි ය.
ශී‍්‍රමත් සැමුවෙල් බේකර් එළවලු වගාව ආරම්භ කිරීම සහ තේ වගාවේ ව්‍යාප්තිය 19 සියවසේ මුල් භාගයේ සිට නුවරඑළිය ජනාකීර්ණ කිරීමට මූලික වූ කරුණු වේ. දශක කිහිපයක් තුළ වැඩි වූ ජනගහණයට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පටු දුම්රිය මාර්ගයක් තනා විවෘත කරන ලදී. එය - උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය: Udupussellawa Narrow Gauge Railway line නමින් හැදින්වේ. මෙහි ප‍්‍රධානතම දුම්රිය ස්ථානය වශයෙන් නුවරඑළිය දුම්රිය ස්ථානය සැලකේ. එය නානුඔය සිට කිමි 10.5 දුරින් පිහිටා ඇත.
මාර්ගයේ වූ ප‍්‍රධාන ම දුම්රිය ස්ථානය වන නුවරඑළිය දුම්රිය ස්ථානය වර්තමානයේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මූලස්ථානය ලෙස භාවිතා කරනු ලැබේ’ මෙම ගොඩනැගිල්ල දැනට ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රම අනුගමනය කරමින් තනන ලදුව ශේෂවී ඇති ප‍්‍රධාන ස්ථානයක් වේ’ ප‍්‍රදේශයේ පැරණි ඉදිකිරීම් පිළිබඳ වැදගත් ම නිදසුනක් ලෙස ද මෙය වැදගත් වේ’
දුම්රිය ස්ථානයේ සවිකර තිබූිනුවරඑළිය’ නම ඉංගී‍්‍රසි” සිංහල හා දෙමළ භාෂාවලින් ලියන ලද නාමපුවරුව ද එහි භාවිත වූ සේප්පුව ද දැක ගත හැකිය’
දුම්රිය ස්ථානයේ දැනට ශේෂව ඇති ඉදිකිරීම් අතර කාර්යාලය, ගබඩාව කාමර, ප‍්‍රවේශපත‍්‍ර කවුන්ටර, ධාවන පථ සහ මගී වේදිකා ප‍්‍රධාන වේ. කාර්යාල ගොඩනැගිල්ල පැරණි ආකෘතියෙන් ම ආරක්‍ෂා වී ඇත’ මෙහි ප‍්‍රධාන මධ්‍ය ශාලාවක් හා එය වටා කාමර අටකි’ සිවිලිම පැරණි ආකාරයට දැව සහ කැටයම් පුවරු භාවිතකර තනා ඇත’ වහලයේ එක් ඵලයක් ලී පතුරු යොදා කළ මුල්තත්ත්වයේ ම පවතී. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස එවකට ලොරි රථ හා වෙනත් වාහන නැවත්වීම සඳහා වූ තාවකාලික පෝටිකෝවක් ලෙස භාවිත විය’
ගබඩාව පලදෙකේ වහලයක් සහිත දිගු ගොඩනැගිල්ලකි’ මෙහි ගබඩා කාමර තුනක් වන අතර මධ්‍ය ඇති කාමරය වඩා විශාල ය’ එසේ ම මෙහි බඩු භාරගැනීමට කල කවුන්ටරයක් ද වේ’ දොරටු ආරුක්කු ආකාරයේ වන අතර දොරටුවට ඉහලින් එය වටා යුරෝපීය ගෘහ නිර්මාණ ලක්‍ෂණයක් වන කූඤ්ඤාකාර තීරු මෝස්තරය යොදා ඇත’ වහලයේ ආධාරක බාල්ක ලෙස යකඩ කණු භාවිතා කර ඇත’ එකල ගබඩාව අසලට ම දුම්රිය මැදිරි ගෙන ඇති අතර බඩු බෑම හා පැටවීම කර තිබේ’ මෙම මැදිරි ගෙන ආ මාර්ගයේ ශේෂයන් ද ගබඩාව අසල දැකිය හැකි ය’
මෙම දුම්රිය ස්ථානයේ ධාවන මංතීරු දෙකක් තිබී ඇති අතර ඒ මගී වේදිකාව කරා වූ මාර්ගය හා භාණ්ඩ ගෙනයාමට ගබඩාව වෙත වූ මාර්ගය ලෙස ය’ මගී වේදිකාව වෙත තනා තිබූ මාර්ගය වසා දමා” නව බස්රථ අළුත්වැඩියාකරන අංගනයේ කණු එය මත ඉදිකර ඇත’එක් මගී වේදිකාවක් විය’ මෙම මගී වේදිකාව හා එහි පැරණි වහලය තවමත් ඉතා හොඳින් ආරක්‍ෂාවී ඇත’ වර්තමානයේ සහකාර කළමනාකාරවරයාගේ කාමරය එවකට ප‍්‍රවේෂපත‍්‍ර කවුන්ටරය කාමරය විය’ මගී වේදිකාවට පැරණි කාමර 06 විවෘතව පවතී’ වේදිකාවේ වහලය දරා සිටින යකඩ කණු ද මුල් නිර්මාණයේ කොටස් වේ.
මෙම දුම්රිය ස්ථානයට අයත් නිල නිවාස කිහිපයක් ද එයට ආසන්නව මාර්ගයේ අනෙක් පස වේ’ මෙයින් අතිරේක දිස්ති‍්‍රක්ක ඉංජිනේරුවරයාගේ නිල නිවස 1981 දී දුම්රිය නිවාඩු නිකේතනය බවට පත්කරන ලදී’ මෙම නිල නිවාසයන් ද බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ දරයි’
1903 වසරේ නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් දුම්රිය මෙහෙයුම් ආරම්භ විය. මගීන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් නුවරඑළිය නගරය වෙත සේවා සපයන ලද දුම්රිය ස්ථානය සහ මාර්ගය 1945 අගෝස්තු මස 25 දින නිල වශයෙන් වසා දමන ලදී. මෙම ස්ථානයේ ඇති සාධක වලට අමතර ව නානුඔය සිට උඩුපුස්සැල්ලාව දක්වා වූ පැරණි මාර්ගයේ සාධක ද දැනට ස්ථාන කිහිපයක දැක ගත හැකි ය.
ලිහිණියාගල රජමහා විහාරය සහ සිතුවම්
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්නල - සැරසුම්තැන්න ග‍්‍රාමයේ බෙලිහුල් ඔයට සමිපව ලිහිනියාගල රජමහා විහාරය හමුවේ.
ජනප‍්‍රවාදය අනුව මෙම විහාරයේ ආරම්භය දුටුගැමුණු රජගේ සෙනෙවියෙකු වූ ථෙරපුත්තාභය යෝධයා හා බැඳේ. එළාර රජු හා යුධ කරනු පිණිස පිරිස බදවා ගැනීමේ නිරත වූ ගෝඨයිම්බර යෝධයා මෙම විහාරයට පැමිණ එහි වූ කුරුම්බා ආහාරයට ගෙන ඇත. එවකට ථෙරපුත්තාභය හිමියන් මෙම විහාරයේ වාසය කළ බවත් අවසරයකින් තොරව කුරුම්බා කැඩූ වරදට ගෝඨයිම්බර යෝධයාට එතුමා දඩුවම් කළබවත් ජනප‍්‍රවාදයේ එයි. මෙම හදුනාගැනීමෙන් පසුව ථෙරපුත්තාභය හිමියන් දුටුගැමුණු රජුගේ සේනාවට එක් වූ බව වැඩිදුරටත් දැක්වේ. යුද්ධය අවසාන වූ පසුව නැවත සසුන්ගතව මෙම ස්ථානයේදී බවුන් වඩා රහත් ඵලයට පත්ව ඇත.
විහාරය මුල් ඉතිහාසය පිළිබද ලිඛිත සාධක නොමැත. නමුත් පවතින සාධක අනුව පැරණි මාගම අනුරාධපුර අතර මාර්ගයක් මේ ආසන්නයෙන් පැවති බව පෙනී යන බැවින් එය නිරන්තර අවධානයට පාත‍්‍ර වූ ස්ථානයක් ලෙස සැලකිය හැකි ය. 15-16 සියවස්වල මෙම ප‍්‍රදේශයේ ගිරි නම් ආඩි තාපසයාගේ බලය පැවති බවත් පසුව 1 විමලධර්මසූරිය රජු තම බලය එහි ස්ථාපිත කළ බවටත් මූලාශ‍්‍රය දක්වයි. 1818 ප‍්‍රථම නිදහස් සටනේදී ද ලිහිණියාගල ආශි‍්‍රත පන්නල ප‍්‍රදේශය වැදගත් මෙහෙයක් ඉටුකරන ලදී.
ලිහිණියාගල ස්ථාන නාමයේ ප‍්‍රභවය පිළිබද අදහස් කිහිපයක් පවතී. මහනුවර යුගයට අයත් නම්පොතෙහි එන නියඳවනය යනු මෙම ස්ථානය යැයි අදහසක් වේ. මෙම ස්ථානය ආශි‍්‍රතව බහුලව ලිහිණිය පදුරු තිබීම නිසා ලිහිණියාගල වූ බවට අදහසක් ද වේ.
මෙම ස්ථානයේ ඇති ප‍්‍රධාන පුරාවිද්‍යාත්මක සාධක අතර කටාරම් කෙටූ ලෙන්, ලෙන් ලිපිය, මහනුවර යුගයේ සිතුවම් සහිත විහාර ගෙය, ආවාස කුටි සහ සරල රේඛා සිතුවම් සැලකිය හැකි ය.
විහාර ගෙය පිහිටා ඇති අංක 01 ලෙනේ කටාරමට පහලින් කි‍්‍රස්තු පූර්ව 02 සියවසට අයත් සෙල්ලිපියක් කොටා ඇත. එහි ’’මනපදශනෙ‘‘ හෙවත් පි‍්‍රයමනාප දර්ශනය යන වැකිය දැක්වේ.
ආවාස ගෘහ දෙකෙන් එකක් 20 සියවසේ මුල් භාගයට අයත් වනර අතර අනෙක මෑතකාලීන ඉදිකිරීමකි.
විහාර භූමියේ ලෙන් පහක් පිහිටා ඇත. එයින් තුනක් පමණක් වැදගත් වන අතර අනෙක් දෙක ඉතා කුඩා ඒවා වේ. පර්වතයේ පහලින් ඇති ලෙන වඩා විශාල ය. දිගින් මිටර 35 පමණ වන මෙහි ඉහත කියූ සෙල්ලිපිය ද වේ. මිටරයක් පමණ උස් වේදිකාවක් මත තැනූ විහාරගෙය බරාදය හා ප‍්‍රතිමා ගෘහය ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. ගෘහයේ ඉදිරි බිත්තියේ දොරටුපාල රූප දෙකකි. ප‍්‍රතිමා ගෘහය තුළ සමාධි බුද්ධ ප‍්‍රතිමාවක් ද එයට දෙපස ශ‍්‍රාවක රූප දෙකක් හා කුඩා දේවරූප දෙකක් ද වේ. ප‍්‍රතිමාගෘහයට පිටුපසින් එයට සම්බන්ධ කර වෙනම කුටියක් තනා ඇති අතර එය දේවාලයක් ලෙස භාවිත වේ. එය එක්කස්සේ කීර්තිබණ්ඩාර දෙවියන් ට කැප කර ඇත. ඔහු වලපනේ ප‍්‍රදේශයේ වන්දනයට පාත‍්‍රවන ප‍්‍රාදේශිය දෙවියෙකි.
ඉහත ලෙනේ ඉදිරියෙන් ඇති පියගැට පෙළ ඔස්සේ පර්වතය මතට පිවිසිය හැකි ය. පියගැටපෙළින් දකුණු පසට මිටර 100 පමණ ගියවිට ස්වභාවිකව නිර්මාණය වූ ලෙන් දෙකක් එකිනෙකට යාබදව පිහිටා ඇත. මෙයින් එක් ලෙනක් කටාරම් කොටා සකස්කරන ලද්දකි. මෙහි පියස්සේ ගුහා සිතුවම්, ගිරි සිතුවම් හෝ ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් ලෙස හැදින්වෙන සරල රේඛා සිතුවම් වේ. දෙවන ලෙනේ ද මැකී යමින් පවතින එවැනි රේඛා සටහන් පවතී.
විහාර ගෙය මැටි සහ කලුගල් භාවිත කර තනා ඇත. විහාරගෙයි සිතුවම් අතර සච්චංකිර, දහම්සොඩ, වෙස්සන්තර, සස, ආදි ජාතක කථා ද සොළොස්මස්ථාන, සූවිසි විවරණය, ආදී තේමා ද වේ. වියන්තලය කොටු මෝස්තර, මල් ලියවැල්, නාරිලතා රූප ආදියෙන් සරසා ඇත. විහාරගෙයින් පිටත ද ලෙන් පියස්ස මත රේඛා සටහන් කිහිපයක් දැකගත හැකි ය. පෙරදිග සිතුවම් කලාවේ වැදගත් තැනක් ගන්නා භේරුණ්ඩ පක්ෂියකුගේ රූපය ද වාද්‍ය භාණ්ඩයක් දරා සිටින පියාපත් සහිත දේව ¥තයෙකුගේ රූපය ද වැදගත් වේ. සිතුවම්වල පසුබිම ලෙස සුදු වර්ණය පවතින අතර එය මෙහි ඇති සුවිශේෂී ලක්‍ෂණයකි.
පර්වතය මත ලෙන්වල ඇති සරල සිතුවම් ඇගිල්ලකින් අඳින ලද ආකාරයක් පෙනී යයි. කටාරම සහිත ලෙනේ රෝස පැහැයෙන් අදින ලද රූප 17 පමණ පවතී. මිනිස් සහ සත්ත්ව රූප ඒ අතර වේ. දෙවන ලෙනෙහි රේඛා සටහන් 16 පමණ අසීරුවෙන් හදුනාගත හැකි ය. සිතුවම්වල ලක්‍ෂණ අනුව මේවා වැදි ජනතාව විසින් අදින ලද බවට අදහසක් ද පවතී.
රම්බා විහාරය හා මානාවුලු පුරය
රම්බා විිහාරය දකුණු පලාතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩරොට මාමඩල ග‍්‍රාමයේ වලවේ ගඟට යාබදව පිහිටා ඇත’ පුරාවිද්‍යා රක්ෂිතය උතුරින් පැරණි මාමඩල ඇලේ කොටස ද බටහිරින් මාමඩල ඇල ද දකුණින් වැලි පාර ද නැගෙනහිරින් වලවේ ගඟ ද හිම් කොට පවතී’ නටබුන් ව්‍යාප්තව ඇති ප‍්‍රදේශය හෙක්ටයාර 100 පමණ වන අතර විහාර බිමේ ස්මාරක 67 පවත.
මහාවංශය” ධාතුවංශය ආදී මූලාශ‍්‍ර ග‍්‍රන්ථ අනුව සියවස් ගණනාවක් රුහුණු රටේ පාලන මධ්‍යස්ථානය වූයේ මාගම යි’ ඒ යටතේ දියුණු උප ප‍්‍රදේශයක් වන මහානාගහුල නම් ප‍්‍රදේශය අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී දේශපාලනික වශයෙන් වැදගත් වීමට වූ අතර පළමුවන විජයබාහු රජු චෝල පාලනයට එරෙහි අවසන් ප‍්‍රහාරය සංවිධානය කරන ලද්දේ පසුකාලීනව රුහුණේ දේශපාලන බලයේ වැදගත් මධ්‍යස්ථානය වූ මෙම මහානාගහුල දීය. මහානාගහුල යනු වර්තමාන රම්බා විහාරය ආශි‍්‍රත ප‍්‍රදේශය ලෙස හදුනාගෙන ඇත. පරාක‍්‍රමබාහු රජුකළ දොලොස්දහස් රටේ අගනුවර ලෙස ද පැවති මෙම ප‍්‍රදේශය මානාවුලු පුරය නමින් ද හැදින්වේ.
පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව මානාවුළුපුරය පිළිබඳ ග‍්‍රන්ථාගත සාධක ක‍්‍රමයෙන් අවම වේ’ නිශ්ශංකමල්ල රජු රම්බාවිහාරයට පැමිණ කරන ලද සෙල්ලිපියක රුහුණ ප‍්‍රදේශයේ විහාර ඇල වේලි පිලිසකර කරවීමක් පිළිබඳ සඳහන් වේ’ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම පාලි සංදේශය ලෙස සැලකෙන මානාවුළු සංදේශය හෙවත් රාමඤ්ඤ සංදේශය රචනා කර ඇත්තේ රම්බා විහාරයේ සිට බව සැලකේ’ මෙය 12 වන සියවසට අයත් ය’ බුරුමයේ අරිමද්දනපුරයේ වෙහෙරක වැඩ විසූ සංඝරක්ඛිත කස්සප නම් යතිවරයෙක් විසින් ඤාන නම් ප‍්‍රධානයකු අත එවන ලද හස්නකට පිළිතුරු ලෙස මෙම කවි 62 යුක්ත සංදේශය නාගසෙන් හිමියන් විසින් රචනාකර යවන ලදී’ මෙහි අරමුණ වී ඇත්තේ බුරුමයේ සිරිධම්ම රජුගේ සහය ඇතිව බුදු සසුන විශෝධනයට එරට සංඝයා වහන්සේ පියවර ගනිත්වා යන ප‍්‍රාර්ථනයයි’
මෙම විිහාරයේ වැඩවාසය කළ පියපස්සී හිමි කප්පින නම් තැනැත්තකුගේ ආරාධනයෙන් පාලි මුගලන් වියරණයට පදසාධනය නම් පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථය ලියු බව සඳහන් වේ’
විල්හෙල්ම් ගයිගර් සහ කොඞ්රිංටන් විසින් මානාවුලුපුරය සහ රම්බා විහාරය පිහිටි ස්ථානය හදුනාගැනීමට කරුණු දක්වන ලදී.
මෙම විහාරයේ බටහිර මායිමෙන් ගලා බසින ඇල මාමඩල ඇල යනුවෙන් හැඳින්වෙන අතර මහා විජයබාහු රජතුමා කෘෂිකම_ාන්තය නගා සිටුවීම උදෙසා ලියංගස්ඇල්ල නමින් හැඳින්වෙන ස්ථානයෙන් වලවේ ගඟ හරස්කර අමුණක් බැඳ ජලය මාමඩල වැව දක්වා ගෙන යාමට තනා ඇති බව සැලකේ’
රම්බා විහාරයත් පැරණි රාජධානියත් දෙකක් බවත් විහාරයට මඳක් දකුණට වන්නට ඇති ආභරණ ඇල්ල ආශි‍්‍රතව මාලිගා සංකීර්ණය වූ බවත් විශ්වාස කෙරේ.
මෙහි ඇති සෙල්ලිපියක මෙසේ දැක්වේ. රම්බා චේතිය අසල නිවාසයේ වාසය කරන මහ සිරිසඟබෝ රජ දීමනාවක් පිරිනමන ලදී’ වැව් වලින් ලැබෙන රාජකීය බදු ජලාශ ප‍්‍රධාන ඇලවල් වටිනා මැණික් හා පදිංචි ඉඩම් ද දෙන ලදී’’ මෙම ගඟ මහ වැසි සමයේ වැව් ඉවුරේ බුලත් වතුවලට ගලා එන විට එහි සිට දාසයන් විසින් දේපල රැුකිය යුතු ය’ උස්බිමේ ඇති ගෙවල්වලට කඩා නොවැදිය යුතුය’ සතුරන් විසින් ගම් වැසියන්ගේ හරකුන් හා ගැල් ගවයන් පැහැර ගත නොගත යුතුය’
පැරණි බුද්ධප‍්‍රතිමාව සහිත ප‍්‍රතිමාඝරය, පිළිසකර කරන ලද ථූපය, කැටයම් පුවරු ආදිය මෙහි ඇති දෑ අතර වේ. කැණීම්ලින් හමුවූ දෑ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලයේ තැන්පත්කර ඇත.
The above text are a brief summary of some research did by the author during 2006-2007. Use with proper citation.
No comments:
Post a Comment