Friday, August 9, 2024

ලොකු ගස්

මම ජීවිතයේ බොහොම ගරුකරපු සහ අද සිටින තැනට එන්නට උපකාරී වූ මහාචාර්ය පියදාස රණසිංහයන්ගේ ගුණානුස්මරණය ඊයේ දිනයට යෙදී තිබුණා. ඉතින් එතුමන් ගැන සිතනකොට ඒ සමග ම සිහිපත් කළ යුතු තවත් බොහෝ චිරරාත්‍රඥයන් සිටින බව සිහිපත් වුණා. මගේ අම්මා හා තාත්තා වගේ ම ඒ අනෙක් අය ගැන දවසක මට ඒ ගැන සටහනක් තියන්න අවස්ථාවක් නොලැබුනොත් මේ ඒ කෘතඥතාව ඔවුන්ගේ බුද්ධි කරුණා මහිමයෙන් දක්වපු අතහිත වෙනුවෙන්. නම් වශයෙන් කිවුවොත් ආචාර්ය ශිරාන් දැරණියගල, වෛද්‍ය මලික් ෆර්නැන්ඩු, වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ (මගේ ජීවිතය බේරගත්තේ ඔහු 1986 දි), මහාචාර්ය අනුර මනතුංග, මහාචාර්ය මාලිංග අමරසිංහ, ආචාර්ය ශ්‍රියානි හතුරුසිංහ, මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබයරත්න, ලාල් වික්‍රමතුංග, මහාචාර්ය බාබරා හෙල්විංග්, මහාචාර්ය රාජ් සෝමද‌ේව, මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය පැට්රික් ෆෝල්ක්නර්, ආචාර්ය ජනාන් චකීලා, රංජනී ප්‍රනාන්දු ඇදුරුතුමිය, තමරා රාමනායක ඇදුරුතුමිය, බුද්ධික සේනාධිපති, සරත් චන්ද්‍රසිරි ඇදුරුතුමන්,ඒ අය අතරින් කිහිපදෙනෙක් මේ වෙලාවේ සිහපත් වෙන. මේ ලියැවිල්ල තවත් යාවත්කාලින කරන්න අවශ්‍යයි. 

ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ ප්‍රභාවය දැන් වයස 40 කඩඉමට ලගාවෙන මට එකම එක දෙයක් කියනවා... දවසක ඔවුන් සමග යලිත් තේ කෝප්පයක් බොනගමන් සංවාදයක යෙදෙන්න ලැබුනොත්....

 A person sitting with General Iroh from Avatar, having a cup of tea under a tree. Iroh is a smiling old man as seen in the cartoon.

No comments:

Post a Comment