Friday, August 13, 2021

ලංකා පාරුව

 අප පාරුවේ නැග ගගක යමින් සිටියෙමු. යන්තම් පස්ස රුවා එල්ලී සිටියා කීවොත් හරිය. හැබැයි දෙපැත්තේ හිටි තොටියන්ට ඉඩ පාඩුව ඇති පදම්‍ ය. අත රිදෙනා විට උන් තැන මාරු කර ගත්තෝය. එවිට ඇති වූ සෙලවිල්ල අපටත් කෙටි ආස්වාදයකි. මෙසේ යනවිට ගගේ ගමන වඩාත් අවදානම් ඉසව්වකට යන බව අපට වැටහිණි. තොටියන් ද උන්ගේ පුරුද්දට ගියා විනා පාරුව පෙරලීම නවත්වා ගැනීමට හැකියාවක් ඇත්තන් නොවන බව හොඳටම පෙනුනා. ගං ඉවුරේ සිටි අයෙක් අපට පිහිටවනු රිසිව අත වනනු දුටු අප වහා තොටියන්ගෙන් රිටි ගෙන උහු වෙත ගොස් සරණ පැතිමූ. අහෝ. එසැනින් වනයෙන් මතු වූවෝ කැළක් අප ගගට විසි කර පාරුව ලීයට ගත්තෝය. තොටියන් ද උන්ට පාරුව ලිහනා හැටි පෙන්නා හොදම ලී ගලවා ගත් බව ද ඉවුරේ සිටියවුන් අලුත් පාරුවක් සාදාගෙන අර තොටියන් ද නංවා ගෙන නුහුරු දියේ පාරුව ගෙන යන්නට යනුද තෙවන වර වතුරෙන් උඩට ආ අපටපෙනුනා. ගිලෙන්න කලින් අර අත වනපු කෙනා මෙහෙමත් කියනවාඇහුනා .  

මම තමයි හොඳටම කලේ.