Tuesday, May 17, 2022

එක් අංකුරයකුගේ වෙස්සන්තර දා කවක්

 ලෙහි තබා සැදු කුසුමන් ඈතට පාවෙන්නේ

විස නාග දළින් මල් පෙති සිදුරුව වියැලෙන්නේ

ලොව මල් පුබුදනු පිණිසයි ඔබ දන් දුන්නේ

වනේ දෙවියනි පිහිටව උන් රැක දෙන්නේ


ලතෙත් බවක් නැති දෝ හිමි අප හැර දැමුවේ

රුදු සුලගක පැටලී ඈතට පාවී යන්නේ

දෙවියනි මගෙ දෑස් කුසුම් කොතැනද වැටුනේ

අදුරු වුනා තුන් ලොව මා සිත ඇවිලෙන්නේ


දෙවියනි වන සතුනි අපේ පවත අසන්නේ

සෝක සුසුම් කදුලු ගගුල ඇග‌ෙ පිසලන්න‌ේ

විසල් රකුසු වනසා උන් දිවි රැක ‌දෙන්නේ

මා ගෙනයන් මල් නොතලන් බමණු යකුන්නේ


නොබා යනුව පුතනුවනේ නැගණිය සමගින්

සසර දුකින් නුඹ තරවමි ඒ පින් බලයෙන්

අනන්ත ලෝ සතුන් රැකෙයි නුබ දිවි මත්තෙන්

බුදු බව පතනෙමි රකිනට නුඹ සසර බියෙන්

........

තිලංක

සිඩ්නි හිදී

18/07/2016

බලාපොරොත්තුවේ රතු තරුව

 බලාප‌ොරොත්තුවේ රතු තරුව

උදාවිය පෙරදිගින්

දල්වා පැතුමන් දහසක් වියළි සිත් මත

වියැකී ගිය සුසුම් පොද

සගවාගත් වාතලයෙන්

පෙරදිග රතු තරුව

දැල්වෙමින් පහන්විය

.........

උකුසු ඇස රතු පැහැති

අවරදිග අහස්කුස

.......

ලෝතලය මත විසිරි 

බලාපොරොත්තුය.. රතු පැහැති... අහස් කුස 

පෙරදිගින් උදාවන තරුව 

නව දිනකට

එහෙත් එය රතු නොමැත පෙරමෙන්

නමුත් එය ලෙයින් රතු පැහැතිය

සුසුම් ලන වාතලය හදපතල් පුපුරමින්

උකසු ඇස අවරදිග..... තරු කැටය නැගෙන දෙස

නැගෙන ඇස්..... අයදිනා මිනිස්කම


තිලංක

ග්‍රොනින්ගන් 18/05/2022

දෙවන ලෝක යුද්ධයත් යුක්රේන යුද්ධයත් 


..........